පාසල් ගීතය
මුතුවන් දහඩිය විසිරුණු පොළවේ
නිජබිම වූ හෙළ රජදරුවන්ගේ
දැහැමි කුසුම් සුවඳින්
නැණ පහනින්
ආලෝකය ලැබ ඒ මඟ යන දරු දැරියන් වෙමු අපි
ඒ මඟ යන දරු දැරියන් වෙමු අපි
ශිල්ප සතර නිසි වඩනා
ගුණදම් නිති වඩවමිනා
අපේ අනාගත මඟ සරු කරනා
විදුහල් මෑණි ය ඔබ නමදිම්
මහානාම විදුහල නමදිම්//
රන්වැලි සෑ කොත් අතරින්
මිහින්තලා කඳු මුදුනින්
මහ වැව් සිප එන උදාර සුලඟේ
විදුහල් මෑණි ය ඔබ වැජඹේ මහානාම විදුහල වැජඹේ //