- සියලුම දැරුවන් නිවැරදි පාසල් නිළ ඇඳුමෙන් සැරසී පිරිසිදුව පැමිණිය යුතුය.
- නිළ ඇඳුම වඩාත් ලිහිල් ආකාරයෙන් හෝ වඩාත් සිර වූ ආකාරයෙන් නොපැළඳිය යුතුය.
- කොණ්ඩෙ මෝස්තර කිරීමෙන්, මෝස්තර අනුව කැපීමෙන් හා ජෙල් සහ ආලේපන වර්ග භාවිතා නොකල යුතුයි.
- නියපොතු වැවීම හා ආලෙපන ගැල්වීම නොකළ යුතුයි.
- හිසකේ වඩාත් දිගුව හෝ වඩාත් කොටට කැපීම නොකල යුතු අතර පත්තට පීරීම කලයුතුය.(පිරිමි දරුවන්)
- කලු සපත්තු හා කලු මේස් පැළඳ දිනපතා පාසැලට පැමිණිය යුතුය.(පිරිමි දරුවන්)
- සුදු සපත්තු හා සුදු මේස් පැළඳ දිනපතා පාසැලට පැමිණිය යුතුය.(ගැහැණු දරුවන්)
- වඩත් උල් වූ හා උඩු අතට වක්‍රාකාර සපත්තු නොපැළඳිය යුතුය.
- නොවැළැක් විය හැකි හේතුවක් නිසාවෙන් හෝ සපත්තු පැළඳීමට අපහසු අවස්ථාවලදී කලු සෙරෙප්පු යුගලක් පැළඳිය යුතුය.
- පාසල් භූමිය තුළ දී කමිසයේ බොත්තම් නිසි පරිදි පියවා කමිසය යට කොට ඇඳ සිටිය යුතුය.
- පෙ.ව. 7.25 පමණ් වනවිට සියලුම පිරිසිදි කිරීම් අවසන් කල යුතුය.
- පාසලේ භෞතික සම්පත් ආරක්ෂා කරගත යුතු අතර පාසල් කීරිති නාමයට හානි කර කටයුහ්ටු වලින් බැහැරව සිටිය යුතුය.
- විනය විරෝධී කටයුතු වලින් ඈත්ව සිටිය යුතු අතර අනවශ්‍යය රංචු ගැසීම් නොකල යුතුය.
- පාසල් ආරම්භ වීමෙන් අනතුරුව කිසිඳු හේතුවකට අවසර නොගෙන පාසල් භූමියෙන් බැහර නොයා යුතුය.
- සවස අමතර පංති පැවැත් වෙන විටදී පාසල් නිළ ඇඳුමෙන්ම ඊට සහභාගී විය යුතුය.
- කිසිඳු ආකාරයක නූල් අතේ නොපැළඳිය යුතුය.
- යම් ආකාරයක අත්‍යවශ්‍ය කාරනා වලදී සුර ආදී දේ පැළඳීම තහනම් නොවන අතර ඒවා දිගු නූලකින් සම්බන්ධ කොට නොපෙනෙන සේ පැළඳීම කලයුතුය.
- පාසල් සන්නිවේදන ජාලයට අවනත විය යුතු අතර අත්‍යවශ්‍යය කාරනාවලදී හැර සියලුම කාලච්ඡේද වලදී පංති කාමර වල රැඳී සිටිය යුතුය.
- තම සහෝදර සිසු සිසුවියන්ගේ ආත්ම ගෞරවයට හානි නොවන පරිදි හැසිරිය යුතු අතර වඩාත් ආචාරශීලීව කටයුතු කල යුතුය.
- නිසි අවසරයකින් තොරව ක්‍රීඩා පිටිය තුල, ආපන ශාලාව අසල හා ප්‍රථමාධාර ඒකකය තුල රැඳී නොසිටිය යුතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි